කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..

Sri Lanka Climate Change Weather
By Sithumi Apr 23, 2023 11:29 AM GMT
Report

කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වන ලෙස එම නිවේදනයේ සඳහන් වනවා.

ඒ අනුව එම ප්‍රදේශවලට මිනිස් සිරුරුට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර, පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගැබිනි මව්වරුන්ට වැඩි බලපෑමක් එල්ලවිය හැකි බව වෛද්‍යවරුන් අනතුරු අගවා තිබෙනවා.

කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේ,

"ගැබිනි මව්වරුන් එළියට යෑමෙන් වළකින්න. ඔවුන් නිවසින් බැහැරව දහවල් කාලයේ යෑමෙන් වැළකිය යුතුයි. පුළුවන් තරම් නිවෙස්වලම රැඳීසිටින්න. සාමන්‍යයෙන් වතුර ලීටර් 2ක් ගන්නවා නම් වතුර ලීටර් 3ක් 4ක් විතර ගන්න. මොකද මේ අධික රස්නය නිසා ඔබ විජලනයට පත්වෙන්න පුළුවන්."

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now