ඉදිරි පැය 36 සදහා සඳහා කාලගුණ අනාවැකිය..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Apr 08, 2023 11:56 AM GMT
Report

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රිත්කයේත් අද (08) සවස් කාලයේදී ‌හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවයි.

 දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ හෙට (09) දිනයේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
 Join Now

  

GalleryGallery