කාලගුණය වෙනස් වෙයි - අවවාදාත්මක නිවේදනයක්..

Sri Lanka Climate Change
By Sithumi Dec 24, 2022 04:59 PM GMT
Report

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් කිලෝමීටර් 350ක් දුරින් පිහිටා ඇති අතර එය හෙට (දෙසැම්බර් 25) වන විට ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. .

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන්.

උතුරු, නැගෙනහිර ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් (40-50) පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now