ළූණු- සුදු ළූණු- තක්කාලි සහ ඉඟුරු කල් තියාගන්න ක්‍රම.
උයන පිහන හැමවෙලේම ඕන වන අමුද්‍රව්‍ය 4ක් කල් තියාගන්න පුළුවන් ක්‍රම 4ක් ගැනයි මේ කියන්න යන්නේ.
01. ළූණු
? ළූණු හොඳින් සෝදා බැදුමටකට ළූණු ලියා ගන්න විදියට හීනියට ලියා ගන්න.
? ඊට පස්සේ පිරිසිදු තහඩුවක අතුරලා තද අව්වේ වේලා ගන්න.
? වේලෙන්න දවස් කීපයක් යනවා.
? දුඹුරු පාට වෙනකම්, හොඳින් දිය ගතිය හිදෙනකම් වේලාගත්ත ළූණු ටික ග්‍රයින්ඩ් කර ගන්න.
? හොඳින්ම කුඩු කර පවුඩර් කර ගන්න.
? ඉන්පසු පවුඩර් එක හුළං වැදෙන් නැති ලෙස බෝතලයකට දා ගන්න.
02. තක්කාලි
? තක්කාලි කුඩු කර හදාගන්න කොට වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනි.
? මොකද තෙත තක්කාලි වේලන විට නරක් වෙන්න තියෙන ඉඩ වැඩියි.
? මුලින්ම තක්කාලි හොඳට වේලලා හීනියට කපා ගන්න.
? ඇට ඉවත් කරන්න අවශ්‍ය නෑ. තහඩුවකට දාල හොඳින් වේලා ගන්න.
? තක්කාලි වලට මැස්සො, කෘමි සත්තු එන්න තියෙන ඉඩ වැඩි නිසා තක්කාලි ටික නෙට් කැබැල්ලකින් ආවරණය කරගන්න.
? තද අව්වේ හොඳින් කරවෙනතුරු වේලා ගන්න. වේලාගත් තක්කාලි ග්‍රයින්ඩ් කරන්න.
? කුඩු කරගත් තක්කාලි හුළං වැදෙන් නැති වෙන්න භාජනයකට දා ගන්න.
? තක්කාලි කුඩුයි, මිරිස් කුඩුයි අඳුර ගන්න බැරි තරමටම පාටින් එක සමානයි. ඔයාලට තක්කාලි පල්ප් එක හදාගන්න ඕනි නම් තක්කාලි කුඩු වලට උණු වතුර දාල හදා ගන්න පුළුවන්.
04. සුදු ළූණු
? සුදු ළූණු පොතු ඇරල සෝදා ගන්න.
? සුදු ළූණු චොපර් එකකින් හොදින් චොප්කරන්න.
? නැතිනම් කුඩා කෑලි වලට හීනියට කපා ගන්න.
? ඉන්පසු පිරිසිදු තහඩුවක අතුරලා තද අවුවේ වේලා ගන්න.
? දවස් කීපයක් වේලා ගන්න. දුඹුරු පාටට එනකම් දිය ගතිය නැති වෙනකම් වේල ගන්න.
? ඊට පස්සේ සුදු ළූණු ටික ග්‍රයින්ඩ් කර ගන්න.
? හොඳින්ම කුඩු කර පවුඩර් කර ගන්න.
? ඉන්පසු පවුඩර් එක හුළං වැදෙන් නැති ලෙස බෝතලයකට දා ගන්න.
05. ඉඟුරු
? ඉඟුරු පොතු ඉවත් කර හොඳින් සෝදා ගන්න.
? සෝදාගත් ඉඟුරු හීනියට ලියා පියළි කර ගන්න.
? මේ පියළි කරගත් ඉඟුරු පිරිසිදු තහඩුවක අතුරලා තද අවුවේ වතුර හොඳින්ම හිදෙන තුරු වේලා ගන්න.
? ඉඟුරු අපට අවශ්‍ය විදියට වේලිලා නම් වේලුනු ඉඟුරු පපඩම් වගේ අතින් පොඩිකරන්න පුළුවන් වෙන්න ඕනි.
? වේලුනු ඉඟුරු ග්‍රයින්ඩ් කර ගන්න.
? හොඳින්ම කුඩු කර පවුඩර් කර ගන්න.
? ඉන්පසු පවුඩර් එක හුළං වැදෙන් නැති ලෙස බෝතලයකට දා ගන්න.
? කුඩු කරගන්න පුළුවන් ගානට මේ හැම දෙයක්ම හොඳින්ම වේලා ගන්න අමතක කරන්න එපා. ? හොඳින් වේලුනාම අතින් පොඩිකරගන්න පුළුවන් ගානට එනවා.
? හොදටම වතුර හිදෙනකම් වේලලා ගත්තෙ නැතිනම් දින කීපයකින් පුස් කන්න පුළුවන්. |
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |