කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 9ක ජල කප්පාදුවක්

Sri Lanka Water Cut
By Sithumi Jan 20, 2023 04:43 PM GMT
Report

 කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව දන්වා තිබෙනවා.  

හෙට පෙරවරු 11 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ මෙම ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. එම කාලය තුළ දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ වලද ජල සැපයුම අත්හිටුවනවා. 

 ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශවල සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශවල මෙන්ම රත්මලාන හා කටුබැද්ද ප්‍රදේශවලද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි. 

 විදුලිබල මණ්ඩලය විසින් සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ තුලුමන් පොම්පාගාරය වෙත විදුලි සැපයුම අත්හිටුවීම මෙම ජල කප්පාදුවට හේතුවයි.