පැය 18ක ජල කප්පාදුවක් - ඒ අනුව ජල සැපයුම අත්හිටුවනු ලබන ප්‍රැදේශයන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..
Water Cut
Water
By krishani
හෙට (03) පෙරවරු අටේ සිට අනිද්දා අලුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මෙන් ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ද එම කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවනු ලබයි.
එමෙන්ම කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන් ම රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමටයි පියවර ගැනෙන අතර අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |