සියලු ජල පාරිභෝගිකයින්ට විශේෂ පණිවුඩයක්..

Water Cut Water Board Water
By Aruna Mar 10, 2024 05:14 AM GMT
Report

පවතින වියළි කාලගුණය හමුවේ අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති බවයි, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන අනෝජා කලුආරච්චි සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ.

1939 ඒ දුරකතන අංකය වේ.

මේ අතර ඇය වැඩිදුරටත් සඳහන් කළේ, අඹතලේ සහ බියගම ජලපොම්පාගාරවලට ලවණ ඇතුල්වීම වළක්වා ගැනීමට ඉදි කල තාවතකාලික ලවණ බාධකය මේවන විට ඉදිකර අවසන් බවයි.