කොළඹ විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් පිරිස ඉහළට.. (UPDATE)
UPDATE:-
අද (20) පැවැත්වුණ ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.
එම අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක් ද වන බව වාර්තා විය.
එමෙන්ම, ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුවද එහිදී අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, මෙම සිදුවීමේ දී පොලිස් නිලධාරීන් 5 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
-------------------------------------------------
පොලීසියෙන් පිරිසකට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් - එහි නවතම තත්ත්වය මෙන්න..
අද (20) කොළඹ දී ජන අරගල ව්‍යාපාරය පැවැත්වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසළින් ආරම්භ වූයේ භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන ය.
පසුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමග පොලිසිය විසින් පිරිස විසුරුවා හැරීම සඳහා මෙලෙස අධිපීඩන ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.