අන්තරේ කැඳවුම්කරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර..! ස්ටර්ලින්ගෙන් හදිසි ප්‍රකාශයක් - (VIDEO)
ඊයේ පැවති විරෝධතාව අතරතුර පොලිස් අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව ඔහු ඇතුලු සැකකරුවන් තුන්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ පැවැත්වූ විරෝධතාව අතරතුර පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව පලාගොස් ඇති බවට පැවසෙන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමිට විදෙස් ගත වීම වළකාවාලමින් අධිකරණය තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ පැවැත්වූ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 16 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා. කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තිදෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් නොකළ අතර ඔවුන්ට අදාළව රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
විරෝධතාකරුවන් මර්ධනය ගැන ස්ටර්ලින් හදිසි ප්‍රකාශයක් අද සිදු කළා, එම ප්‍රකාශය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |