සති අන්තයේ ප්‍රවේසම්වන්න..! දැඩි අනතුරු ඇඟවීමක්..

lockdown Vaccination Covid19 Hemantha Herath Omicron
By Sewvandhi Jan 31, 2022 10:02 AM GMT
Report

 එළැඹෙන දීර්ඝ සති අන්තයේ ජනතාව ගැවසෙන ස්ථානවලට යාමේදී ප්‍රවේසම්වන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉල්ලා සිටී.

එහිදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රටේම ජනතාව මෙවැනි දීර්ඝ නිවාඩු වලදී ගමන් යාමට පෙළඹෙන බැවින් හැකි තරම් නිස්කලංක තැනකට යාමටත්, අවධානමකට ලක්වීමෙන් වැළකීම සඳහා හැකිනම් ගමන් නොගිහින් සිටීමට උත්සාහ කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙරට මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් දෙවන මාත්‍රාව ලබාගෙන සිටියද, තවමත් තුන්වන මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 05ක් පමණකි.

තවත් මිලියන 10ක් එන්නත ලබාගැනීමට සිටින බවද ඒ මහතා අවධාරණය කර ඇත. මේ අතර ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයට එරෙහිව නිපදවන බූස්ටර් එන්නත පිළිබඳව ලොව පුරා බොහෝ කරුණු සාකච්ඡා වන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මෙරට සෞඛ්‍ය අංශ ඒ පිළිබදව විමසිල්ලෙන් පසුවන බවත් පැහැදිළි තොරතුරක් ලැබුණු වහාම ඒ පිළිබඳ කටයුතු කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now