දරුවන් ගැන සෞඛ්‍ය අංශ වලින් විශේෂ අනතුරු ඇඟවීමක් - මෙම රෝග ලක්ෂණ ඇත්දැයි ඔබත් සැලකිලිමත් වන්න..!.
පවතිව උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනයට ලක්වීමේ හැකියාව පවතින බැවින් ඔවුන්ට වැඩි වශයෙන් ජලය පානය කිරීමට සැලැස්විය යුතු බව ඔහු කියා සිටියේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,
"ඇඟපත අමාරුව, හිසරදය, දාඩිය බිබිලි දාන එක, මහන්සිය වැඩිකම, ඊට අමතරව හුස්ම ගැනීමේ අපහසුව, වතුර තිබහා වැඩිවීම, මෙවැනි රෝග ලක්ෂණ කිහිපයක්ම දරුවෝ මේ දවස්වල දෙමාපියන් සමග කියනවා. වෛද්‍යවරු සමගත් කියනවා. මේකට හේතුවක් විදිහට අපි දකින්නේ විජලනය.
මේකට කළ යුත්තේ අපි වැඩිය වතුර බොන්න ඕනේ. වෙනදා එක වතුර බෝතලයක් දරුවෙකුට දීලා පාසල් යැවුවානම් මේ දවස්වල විශේෂයෙන්ම වතුර බෝතල් දෙකක් යවන්න. වතුර බොන එන විතරක් නෙමෙයි. මේ දවස්වල වතුරේ ඉන්න එකත් වැදගත්. දාඩිය බිබිලි වැඩිවෙන්න එක හේතුවක් තමයි නෑම සීමා කිරීම.
ඉතින් ඒක නිසා නාන්න බය වෙන්න එපා. කැස්ස හෙම්බිරිසාව මොනදේ තිබුණත් දරුවන්ව නාවන්න. විශේෂයෙන්ම හමේ රෝග තියෙන අය රෝග වැඩිවෙන්න පුළුවන් මේ රස්නෙත් එක්ක. වතුරේ ඉන්න වෙලාවේදී විනඩි 20ක් උදේට වතුරේ ඉන්න. විනාඩි 20ක් දවල් වරුවේ වතුරේ ඉන්න. විශේෂයෙන්ම දරුවන්නව වැඩි කාලසීමවක් වතුරේ සෙල්ලම් කරන්න වැඩි ඉඩකඩ ලබාදෙන්න."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |