පොහොට්ටුවේ තවත් ප්‍රධානියෙකු තනතුරෙන් ඉවත් කෙරේ..

Political Sri Lanka podujana peramuna Wariyapola Thilaka rathne disanayake
By Aruna Jan 04, 2022 04:11 AM GMT
Report

වාරියපොල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා සභාපති තිලකරත්න බණ්ඩාර දිසානායක මහතා එම ධුරයෙන් ඉවත් කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීඩ් වසන්ත කරන්නාගොඩ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2021 ජුනි මස 14 වැනි දින නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන චෝදනාවලට වැරදිකරු වීම හේතුවෙන් අදාළ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කර ඇති බවයි ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මෙම මස 01 වන දින සිට බල පැවැත්වෙන පරිදි තිලකරත්න බණ්ඩාර මහතා වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now