බන්ධනාගාර සිරමැදිරි උතුරා යයි. - එළියට ආ අලුත්ම වාර්තාව මෙන්න.

Sri Lanka Police Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Wayomi Jan 16, 2024 04:11 AM GMT
Report

බන්ධනාගාර සිරමැදිරිවල වාට්ටු ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි බන්ධනාගාර කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව පෙන්වා දෙන්නේ.

එමෙන්ම රැඳවියන් නඩත්තු කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවද එහි සඳහන්.

මේ අතර බන්ධනාගාර 27ක වැසිකිළි 187ක හිඟයක් පවතින අතර දැනට පවතින වැසිකිළිවලින් 287ක් අලුත්වැඩියා කළයුතු තත්ත්වයේ පවතින බවද සඳහන්.

බන්ධනාගාර සිරමැදිරි උතුරා යයි. - එළියට ආ අලුත්ම වාර්තාව මෙන්න. | Wards In Prisons Exceed Capacity

එමෙන්ම මේ වන විට බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණ ද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 1,795 වැඩි පිරිසක් බන්ධනාගාර ගතව සිටින බව ද වාර්තා වෙනවා.

බන්ධනාගාරවල පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, බන්ධනාගාර දෙකක 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා ඇති වූ විවිධ ගැටලු හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් විනාශ වී ඇති බවයි.


                                                                     Sponsored By Sarrita Jewellery

බන්ධනාගාර සිරමැදිරි උතුරා යයි. - එළියට ආ අලුත්ම වාර්තාව මෙන්න. | Wards In Prisons Exceed Capacity