ලංකාවෙන් යන්නත් කලින් වනිඳු මොකක්ද දන්නව ද කීවෙ?.
අද (13) ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් තමා විසින් ඉල්ලූ කණ්ඩායම ලැබුණු බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ඔහු කියා සිටියේ මෙවැන්නකී,
"නායකයා විදියට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලපු කණ්ඩායම මට ඒ විදිහට ලැබුණා. ඇත්තටම ඒ අයටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ මට ඒ කණ්ඩායම ලබාදුන්න එකට.
නායකයා නිදිහට මම මේ කණ්ඩායමත් එක්ක ගොඩක් සතුටින් මේ ලෝක කුසලාන යන්න ලෑස්ති. දවස් 10 කලින් අපි අමෙරිකාවට ගිහිල්ලා ඒ තණතීරුවලට හැට ගැහෙන්න තමයි අපි ඒ දවස් 10ය කලින් යන්න තීරණය කළේ. ඉතින් අපි ඒ ගිහිල්ලා බලනවා තණතීරු USA ලීග් එකක් පැවැත්වුණා.
ගිය වසරේ තරගවල ලකුණුත් අරගෙන අපි බලලා තණතීරු මොනවගේද කියලා. නායකයෙක් විදිහට මේ කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.
මොකද අපේ ක්‍රීඩකයින් හොඳින් දක්කම් දක්වලා තියෙනවා පසුගිය තරගාවලි තුනේදී. මේ වසරෙදී අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපිට මේ දේ කරන්න පුළුවන් කියලා."
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%