විනිසුරුට බැන්න වනිඳුට ICC යෙන් ලැබුණ දඬුවම මෙන්න...ක්‍රිකට් ආයතනයට දැනුම් දෙයි..

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga ICC Men
By Aruna Feb 24, 2024 03:21 AM GMT
Report

ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරුණු නායක වනිඳු හසරංග හට දඬුවම් නියම කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බවයි.

එමෙන් ම වනිඳුට දඩුවම් ලකුණක් එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ බව ඊයේ (23) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

ඒ අනුව බංග්ලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙකක් අහිමි වනු ඇති.

ලබන මස 04 වනදා ආරම්භ වන මෙම තරගාවලියට තරග තුනක් ඇතුළත් කර තිබේ.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තෙවන තරගයේ දී විනිසුරු ලින්ඩන් හැනිබල්ගේ තීරණය සම්බන්ධයෙන් වනිඳු හසරංග සිය විරෝධය ප්‍රසිද්ධියේ පළ කළා.

පිටියේ දී විනිසුරුවරයා සමඟ උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ දී ද වනිඳු හසරංග විසින් විනිසුරුවරයාගේ තීරණය ප්‍රසිද්ධියේ විවේචනය කළේ ය.

එහි දී ඔහු ප්‍රකාශ කර සිටියේ, ලින්ඩන් හැනිබල් මෙවැනි තීරණ ලබා දෙන්නේ නම් විනිසුරු වෘත්තිය අතහැර වෙනත් රැකියාවක් සොයාගත යුතුය යන්නයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් තරග තීරකවරයාට (ක්‍රිස් බ්‍රෝඩ්) පැමිණිල්ලක් ද සිදු කරනු ලැබුවා.

ICC චර්යාධර්ම සංග්‍රහය යටතේ, 2 වැනි මට්ටමේ චෝදනාවක්, මෙම තරගයේ දී හසරංග සිදු කර ඇත.

ඔහුට මීට පෙර සිදු කර ඇති වැරදි සම්බන්ධයෙන් දැනටමත් වැරදි ලකුණු දෙකක් ලබා තිබීමත් විශේෂත්වයක්.

වනිඳු හසරංගට තරග දෙකක තහනමක් ඒ හේතුවෙන් පනවා ඇත.

පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 03ක තියුණු ජයක් හිමි විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි ලකුණු 209ක් රැස්කරගත්තේය.

අනතුරුව ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 206ක් පමණි.

එම තරගයේ දී අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක් විනිසුරුවරයා විසින් නිපන්දුවක් ලෙස සංඥා නොකළේය.

තරගය අවසන් වීමෙන් අනතුරුව නායක වනිඳු හසරංග විසින් ඊට සිය විරෝධය පළ කළේය.

Gallery

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%