වනිඳු හසරංගට ICC යෙන් රතු එළියක්...පෙර වැරදිත් අවුස්සයි..

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga Afghanistan Cricket Team ICC Men
By Aruna Feb 23, 2024 06:11 AM GMT
Report

ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ සියුම් පරාජයෙන් පසු මතභේදාත්මක ලෙස විනිසුරු ලින්ඩල් හැනිබල් විවේචනය කිරීම සම්බන්ධයෙන් නායක වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ.

වාර්තාවන්ට අනුව හසරංගගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරු ලින්ඩල් හැනිබල් තරග තීරක එංගලන්ත ජාතික ක්‍රිස් බ්‍රෝඩ් මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, ඒ සම්බන්ධ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙන බවයි පැවසෙන්නේ.

තරගයෙන් අනතුරුව හසරංගගේ හැසිරීම අයිසීසී චර්යාධර්ම සංග්‍රහය යටතේ වරදක් බවට චෝදනා කරමින් තරග විනිසුරු දෙවැනි මට්ටමේ චෝදනාවක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

හසරංග පෙර වැරදිවලින් දැනටමත් ලබාගෙන ඇති වැරදි ලකුණු හේතුවෙන්, මෙවර වරදකරු වුවහොත් ඉදිරි විස්සයි20 තරග දෙකක් හෝ වැඩි ගණනක තහනමකට මුහුණ දීමට සිදුවනු ඇත.

මේ සම්බන්ධයෙන් අයිසීසීය තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති අතර, එය ඉදිරි බංග්ලාදේශ සංචාරයේ තරගවලට යම් බලපෑමක් වන්නේ ද යන්න අවධානයට ලක්වී ඇතැයි සැලකේ.

මෙයට පෙර 2022 වසරේදී ඇෆ්ගනිස්තානය සමඟ තරගයකදී නජිබුල්ලා සද්‍රාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූවකු ලෙස පිටියේ විනිසුරු ක්‍රියා කළ ද තෙවැනි විනිසුරු විසින් එය නොදැවීමක් ලෙස තහවුරු කළා.

එහිදී වනිඳු එම තීරණයට සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් එම තීරණය පෙන්වූ රූපවාහිනී තිරයට සිය දෑත් දික් කිරීම වරදක් ලෙස තීරණය කොට වනිඳුගේ විනය වාර්තාවට එක් අසාදු ලකුණක් (demerit point) එක් කර තිබුණා.

එවිට පිටියේ විනිසුරුවන් වූ රවින්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් දෙදෙනාත්, තෙවැනි විනිසුරු වූ රුචිර පල්ලියගුරුගේ සහ සිවුවැනි විනිසුරු වූ රැන්මෝර් මාර්ටිනස් යන මහත්වරු පැමිණිලි කළ බවයි පැවසෙන්නේ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%