වනිඳු හසරංගට පළමු ස්ථානය..! නවතම දත්ත මෙන්න..

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga
By Sewvandhi සති 3 කට පෙර

 ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග, පසුගිය 19 වැනි දා යාවත්කාලීන කරන ලද ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා.

ප්‍රසාද ලකුණු 695ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයට පැමිණ ඇති වනිඳු හසරංගට දෙවැනි වී සිටින්නේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන් වන අතර තෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ එංගලන්ත කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ්.

මේ අතර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද වනිඳු හසරංග 4වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඔහු එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

වනිඳුට අමතරව අයි සී සී ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතර රැඳුණු එක ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ ධනංජය සිල්වා වන අතර ඔහු එක්දින තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීමේ සටහනේ, 10 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now