වාර්තාව අලුත් කළ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි.

Virat Kohli
By krishani සති 1 කට පෙර

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය 27වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත් වී ඇත.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු 5ක් දැවී ලකුණු 475ක් ලබා ගත්තේ ය.

සිය 27 වන ටෙස්ට් ශතකය වාර්තා කළ විරාත් කෝලී නොදැවී මේ වනවිට ලකුණු 138ක් ලබා සිටින අතර ඉන්දීය ඉනිම වෙනුවෙන් ශුබ්මන් ගිල් ලකුණු 128ක් සහ ශ්‍රීකාර් භාරත් ලකුණු 44ක් රැස් කළේ ය.

පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 480ක් රැස් කර ගැනීමට සමත් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.