ජනප්‍රිය සුරූපී නිලි විනූ සිරිවර්ධන ආදරණීය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් ඔහුට දීපු අපූරු සප්‍රයිස් එක (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Jan 24, 2023 05:07 PM GMT
Report

විනූ සිරිවර්ධන කියලා කියන්නේ රූපවාහිනිය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන නිරන්තරයෙන්ම සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  

ඉතින් ඇය රංගන ශිල්පිනියකට අමතරව දක්ෂ නිවේදන ශිල්පිනියක් වගේම සුරූපී රූ රැජිනක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ කලාකරුවන් අතරින් ඉහලින්ම ඉන්න ආදරණීය සුන්දර නිළියක්, නිරූපණ ශිල්පිනියක් සහ රූපවාහිනී නිවේදිකාවක් විදිහට කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ඇය 2012 දී මිස් වර්ල්ඩ් 2012 තරඟය සඳහා සහභාගී වෙලා එහිදී මිස් වර්ල්ඩ් 2012 තරඟයේ ජයග්‍රාහිකාව බවටද පත්වීමට වාසනාවන්ත වුණා. 

  ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල ක්‍රියාකාරී චරිතයක්ව දැකගන්න ලැබෙන ඇය ඇයගේ ආදරණීය සැමියා කසුන් එක්ක ගෙවන සුන්දර ජීවිතේ ගැනත් අපි නිතරම රස බර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති. ඉතින් කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඇය බොහොම සුන්දර විදිහට සතුටින් ගෙවන කෙනෙක් කිවුවොත් හරියටම හරි.  

ඒ වගේම ඇය විවාහ වෙලා ඉන්නේ අපේ රටේ ජනප්‍රිය කථිකාචාර්යවරයකු සමඟයි. ඉතින් ඔහු තමයි අපේ රටේ දක්ෂ ජනප්‍රිය ආර්ථික විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය කරන කසුන් ලියනගේ. ඉතින් විනූ සිරිවර්ධන ඇයගේ ආදරණීය සැමියා වන කසුන්ගේ උපන්දිනය අද දිනට යෙදිලා තියෙනවා. 

  ඉතින් රෑ 12ට කසුන්වත් පුදුමයට පත් කරමින් උපන්දිනය සමරන ගමන් සුරූපී නිලි විනූ සිරිවර්ධන ඇයගේ ආදරණීය සැමියාට ආදරණීය කතාවකුත් කියලා තියනවා අපට දැකගන්න ලැබුණා. මගේ පණට සුබ උපන්දිනයක් වේවා, love of my life කියලා තමයි විනූ සිරිවර්ධන ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ලස්සන ඡායාරූපයක්ද එකතු කරමින් පවසලා තිබුනේ. 

 ඉතින් මේ ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධනගේ ආදරණීය සැමියා වන කසුන්ට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery