"..උද්දච්ච අවලස්සන අමෙරිකානුවෙක් තියාගෙන මේ රටට ඉදිරියට යන්න බෑ.." විමල් ගෙන් සැර ප්‍රකාශයක්..!(VIDEO)

politics Kandy Vasudeva Nanayakkara Vimal Uday Gammanpila Bimal Weeravansha
By Sewvandhi Mar 24, 2022 12:49 PM GMT
Report

ඉතා ඉක්මනින් ආණ්ඩුවට තියෙන බහුතර බලය අහිමිකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පවසයි.

"මුළු රටම හරි මඟට" ජාතික වැඩපිළිවෙළ මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පිළිගැන්වීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයින් සහ නියෝජිතයින් අද මහනුවරට පැමිණි අවස්ථාවේ දී විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ ඔක්කෝම එකතුවෙලා සමගියෙන් වැඩකරන්න. හිටපු අගමැති කෙනෙකුට ඔයා කියලා කතා කරන්න තරම් උද්දච්ච මිනිහෙක් කියලා මුදල් ඇමතිවරයා ඒකෙත් පෙන්නුවා. ඒකෙත් ඔහුට ඕනේ සමගියක් නෙමෙයි. එතනත් ඕනේ ගැටුම. එහෙම උද්දච්ච අවලස්සන අමෙරිකානුවෙක් තියාගෙන මේ රටට ඉදිරියට යන්න බෑ. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තියෙන 113ක බහුතරේ නැති කරනවා ඔය උද්දච්ච පාලනය අවසන් කරන්න.

මොන රාජපක්ෂ කෙනෙක්වත් ආය පාලනයට ගේන්න අපි ජීවිතේට කඩේ යන්න බලාපොරොත්තුවක් නෑ. අපි මේ රටට ආදරය නිසයි දේශපාලනය කරන්නේ. අපේ තනතුරු ගැන වද නොවෙන්නේ. තනතුරු අතහරින මානසිකත්වයක් තියෙන්නේ රටට ආදරය නිසා. මේ රට වෙනත් රටක කොළනියක් වෙන්න මේ රටේ සම්පත් විජාතිකයින්ට බිලිදෙන්න ඉඩදීලා බලන්න ඉන්න බැරි නිසයි අපි මේ ක්‍රියාමාර්ග ගන්නේ."

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now