විකාශන නියාමන කොමිසම ගැන අලුත් තීරණයක්..! (VIDEO)

Parliament of Sri Lanka Dr Wijeyadasa Rajapakshe Sri Lanka
By Sewvandhi Jun 02, 2023 12:47 PM GMT
Report

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළේ, විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

අද(2) පැවති මාධ්‍ය හමුවක දී ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා සදහා බලපත්‍ර ලබාදීම ප්‍රමිතියකින් යුතුව නියාමනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් මේ වන විට යෝජනා මාලාවක් පමණක් සකස් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසීය.


ඉදිරියේදී මේ පිළිබදව සාකච්ඡා කර සුදුසු පරිදි පනතක් සකස් කිරීමට නියමිත අතර ඒ සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට තම යෝජනා අදහස් ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේ ඊට අදාළව එළඹෙන 07 වනදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now