වසර 26කට පෙර සිදු වූ සිද්ධියකට ලැබුණු තීන්දුවක් නිසා පොලිස් ලොක්කා විත්ති කූඩුවේ දී ඇද වැටෙයි. - සිදු වූ දේ මෙන්න.

Sri Lanka Police Jaffna Murder
By Wayomi Apr 29, 2024 07:16 AM GMT
Report

මීට වසර 26කට පෙර කන්තලේ භාරතී පුරම් ගම්මානයේ පදිංචි නිරායුධ දෙමළ වැසියන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණ තීන්දුව ලැබී තිබෙනවා. ඒ, අනුව එම වසමට අදාල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනෙකු වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කර ඇත.

ඒ, අනුව එම විත්තිකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනාට බරපතළ වැඩසහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට උතුරු මැද පළාත් බද හිටපු මහාධිකරණ විනිසුරු සහ වර්තමාන කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා කටයුතු කළා.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ, කන්තලේ පොලිස් කොට්ඨාශයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්. එම්. රණරාජා බංඩාර, උප පොලිස් පරික්ෂක ජී.එල්. සෝමරත්න, පොලිස් සැරයන්වරු වන චන්ද්‍රරත්න බංඩාර, කේ. එම්. නිහාල් ප්‍රේමතිලක සහ ආර්. ආර්. සෝමරත්න බංඩාර මැදිවෙල, යන විත්තිකරුවන්ටයි.

මනුෂ්‍ය ඝාතනයන් සිදුකිරීමේ අදහසින් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස සිටිමින් 1998 වසරේ ජනවාරි මස 31 දින හෝ ඊට අසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බලප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම්හිදී මෙම වරද සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ විත්ති කූඩුවේ සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් එම ස්ථානයේ ඇඳ වැටී ඇති අතර, පසුව ඔහුව ගිලන්රථයකින් අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමට පොලිස්, බන්ධනාගාර සහ අධිකරණ නිලධාරීන් කටයුතු කර ඇත.    

.......................................................................................

May you Like