යතුරුපැදි,ත්‍රීරෝධ රථ,මෝටර් රථ ඇතුළු මෙම වාහන පදවන අයට විශේෂ පණිවුඩයක්..

Car Bike Petrol Oil prices Diesel Van Cpc chairman
By Aruna Apr 18, 2022 11:36 PM GMT
Report

යතුරුපැදි,ත්‍රීරෝධ රථ,මෝටර් රථ,වෑන් සහ ජීප් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී පනවා තිබූ සීමා ඉවත්කර තිබෙනවා.

මේ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් දැනුම් දී තිබේ.

මේ අතර ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 338කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 373ක් ලෙසටය.

ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක නව මිල 289කි.

ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 329ක් ලෙසටය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now