වාහන ආනයනයට නිකුත් කළ ගැසට්ටුව ගැන ඇමතිගෙන් දැනුම්දීමක්..

Ranjith Siyambalapitiya Sri Lanka Politician Department of Motor Vehicles
By Aruna Jan 14, 2024 02:46 AM GMT
Report

වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කර ඇති නව ගැසට් පත්‍රය රජයට අත්‍යවශ්‍ය වාහන කිහිපයක් සඳහා පමණක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

"පොදුවේ වාහන ගෙන ඒමට නෙමෙයි ගැසට් එක ගැහුවේ. රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සඳහා වාහන කිහිපයක් ගෙන එන්න.

ඒ වගේම විදේශ ආධාරවලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා ඒ විදේශ ආධාරවලින්ම ලැබෙන මුදල්වලින් තමයි ගෙන එන්නේ.

උදාහරණයක් ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයට බස් රථ දෙකක්, විදේශ ව්‍යාපෘති යටතේ ලැබෙන.

ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් රථ 21ක්, ඒ වගේම ජංගම මාතෘ සායන සඳහා භාවිත කරන වාහන 03ක්, කම්කරු අමාත්‍යාංශය සඳහා එක වාහනයක්."

"ඊට අමතරව ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් මගීන්ට ගුවන් යානයෙන් බහින්න අවශ්‍ය වන වාහන

03ක් එපමණයි.

රජයේ ආයතනවලට අත්‍යවශ්‍ය දේවල්. ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ඇන්න අනෙකුත් සියලුම වාහන විදේශ ව්‍යාපෘති මගින් ක්‍රියාත්මක වන වැඩසටහන් සඳහා ඒ විදේශ ආධාර මගින් ලැබෙන මුදල් යොදවලා තමයි අරගෙන තියෙන්නේ."

Sponsored By Sarrita Jewellery

වාහන ආනයනයට නිකුත් කළ ගැසට්ටුව ගැන ඇමතිගෙන් දැනුම්දීමක්.. | Vehicles Imports To Sri Lanka New Gazette