ලංකාවට යළි වාහන ගෙන ඒම ගැන සතුටුදායක ආරංචියක්..

Government Of Sri Lanka Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna Jan 05, 2024 06:42 AM GMT
Report

මෙරට වෙළෙඳපොළ සදහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CCට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

එම සංගමය පෙන්වා දෙන්නේ, මෙලෙස එන්ජින් ධාරිතාවට අවම මෝටර් රථ පමණක් ආනයනය කිරීමට පියවර ගනු ලබන්නේ විදේශ සංචිත ස්ථාවර පවත්වාගෙන යාමට බවයි.

එමෙන්ම එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ, මෙලෙස නැවතත් මෝටර් රථ ආනයනය කිරීම ආදායම් බදු ඉහළ නන්වා ගැනීමේ එක් අරමුණක් බවත්, මෝටර් රථ ආනයනය සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු මාසයක් වැනි කෙටි කාලසීමාවක් තුළ සිදුකිරීමට නියමිතව ඇති බවයි.

Sponsored By Sarrita Jewellery