එංජින් ධාරිතාව වැඩි සියලු කාර් සහ ජීප් තහනම් කරන්න...අලුත් යෝජනාවක්..
ගම්මන්පිලගෙන් අමුතු යෝජනාවක් වත්මන් ඉන්ධන අර්බුදයට කෙටිකාලීනව විසඳුම් ගෙන ඒමේ යෝජනාවක් වශයෙන් එංජින් ධාරිතාව 2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තාවකාලිකව තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
මන්ත්‍රීවරයා අද (15) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මෙලෙස පැවසීය.
“අද සමහර සැප කාර්, ජීප් තියෙනවා ලීටරයට යන්නේ කි.මී. 4යි 5යි. හැබැයි ත්‍රී රෝද රථයක් ලීටරයට කි.මී. 25 ක් 30 ක් යනවා.
වෙනත් වචනවලින් කිව්වොත් මේ වාහනයක් එක දවසකට වැය කරන තෙල් ප්‍රමාණයෙන් ත්‍රී රෝද රථයක් සතියක් දුවන්න පුළුවන්.“ මේ අතර තමන් මේ වන විට භාවිතා කරන්නේ 1500CC පුංචි කාර් රථයක් බව ද ඔහු මෙහිදී කියා සිටියේය.
තවද ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක කළ යුතු යෝජනා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව යැවීමට කටයුතු කරනු ලබන බවද හෙතෙම මෙහිදී පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |