විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සිහින සැබෑ කරමින් වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක්..! නිවාස සිහිනය ඉටු කර ගැනීමටත් නවතම වැඩපිළිවෙළක්

Parliament of Sri Lanka Manusha Nanayakkara Sri Lanka Economic Crisis Sri Lanka NGO
By Sewvandhi Jun 22, 2022 06:18 PM GMT
Report

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

තීරු බදු සහනයක් නොවන, වාහන ආනයනය සදහා වන බපලත්‍රයක් විදේශගත ශ්‍රමිකයින්ට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි මනුෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ.

මේ වන විට වාහන ආනයනය තහනම් කර ඇති බැවින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගතව සේවය ශ්‍රමිකයන්ට පමණක් මෙම වාහන ආනයනය කිරීමේ බලපත්‍රය ලබාදෙන බවද ඇමැතිවරයා සඳහන් කළා.

මෙසේ ආනයනය කරනු ලබන වාහන, ප්‍රධාන විදුලි පද්ධතියෙන් බැහැරව සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකිවන ක්‍රමයක් නිර්මාණය කරන බවද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.

ජපානයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන යටතේ ජපානය බලා පිටත්වන ශ්‍රමිකයන් 12 දෙනෙකුගෙන් යුත් පිරිසකට හා ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන 4 දෙනෙකුගෙන් සමන්විත පිරිසකට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට අද (22) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

විදේශගත ශ්‍රමිකයින්ගේ සිහිනයක් බවට පත්ව තිබෙන නිවාස සිහිනය සැබෑ කරගැනීමට ඉතා අඩු පොලීයට නිවාස ණය ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකු සමග සාකච්ඡා කර ඇති බවද ඒ මහතා කියා සිටියා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now