ලංකාවට වාහන ගෙන්වීම ගැන රජයෙන් ප‍්‍රකාශයක්...කරන්න යන දේ මෙන්න.

Sri Lanka Business Vehicle import Vehicle market Shehan semasinghe
By Aruna Mar 24, 2022 01:42 AM GMT
Report

වාහන ආනයනය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ලැබී ඇතත් මේ වන විට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බැවින් වාහන ආනයනය කිරීමට රජය මෙතෙක් අවසර දී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

වාහන ආනයනය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් යෝජනා ඉදිරිපත් කර ඇති බවත් කෙසේ වෙතත් රජය අවධානය යොමු කර ඇත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනය කිරීමට ඩොලර් යෙදවීමට බව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තීරු බදු ඩොලර්වලින් ද ගෙවා වාහන ආපසු සිය රටට යැවීමට අවසර දීම සම්බන්ධයෙන් තමන් මීට පෙර කළ යෝජනාව සලකා බැලිය හැකි දැයි දොලවත්ත මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

“මෙය ඉහළ යන වාහන මිල අඩු කර ගැනීමට සහ ඩොලර් වලින් තීරු බදු ගෙවන බැවින් රජයට ඩොලර් ලබා දීමට උපකාරී වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, වාහන සහ අනෙකුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට අවසර දෙන්නේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමෙන් පසුව බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now