ඔයත් වාහනයක් ගන්න ද හීන දැක්කේ?. වාහන ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.

Ranjith Siyambalapitiya Sri Lanka Politician vehicle imports sri lanka Latest Headlines Import
By krishani Apr 15, 2024 12:16 PM GMT
Report

වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඔයත් වාහනයක් ගන්න ද හීන දැක්කේ?. වාහන ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න. | Vehicle Import In Sri Lanka

ඒ අවශ්‍යතා අනුපිළිවෙළක් අනුව වාහන ආනයනය කිරීමට ඉදිරියේ දී අවසර ලබාදෙන බවයි.

එමෙන්ම, වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වනවිට කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ ය.

මෙරට විදෙස් සංචිත ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා,

"අපි ක්‍රමානුකූලව ආනයන සීමාවන් ලිහිල් කළා. ආනයනයන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් නවත්වලා තිබුණා. දැන් ඒවා අපි ක්‍රමානුකූලව ලිහිල් කරලා දැන් වාහන ආනයනය පමණයි නවත්වලා තියෙන්නේ.

ඒකත් අපි දැන් අවශ්‍යතාවය පරිදි විවෘත කරනවා. දැන් මේ වෙනකොට අපි සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වෑන් රථ 750කුත් බස් රථ 250කුත් ගෙන්වන්න අවස්ථාව දීලා තියෙනවා.

හැමදෙයක්ම රජය මුදල් අමාත්‍යාංශය භාණ්ඩාගාර දැන් කටයුතු කරන්නේ බොහොම හොඳින් සොයා බලලා ලැබෙන වාර්තා තීන්දු මත තමයි අපි ඊට අනුගාමී වූ තීන්දු ගන්නේ. පැහැදිළිවම අපේ සංචිත වර්ධනය වෙනවා.

ඒ නිසාම රුපියලේ අගය වැඩිවෙනවා. අපිට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් අනාගතයේදී වාහන ආනයනය ගෙන්වන්න දෙනවා ද කියන කාරණාවටත් වඩාත් ක්‍රමානුකූලව, අත්‍යවශ්‍යම වාහන මොනවාද, නැතුවම බැරි වාහන මොනවා ද , මෙන්න මේ අනුපිළිවෙලක් අනුව තමයි අනාගතයේදී අපි මේ සඳහා ඉඩක් ලබාදෙනවා නම් ලබාදෙන්නේ.

මේ ගැන ඉතා ඉහළ සොයාබැලීමක් නිශ්චිත කමිටුවක් මගින් මේ වෙනකොට කරගෙන යනවා. අත්‍යාවශ්‍ය වාහන සහ ඒවාගේ වර්ගයන් මොනවා ද , පාවිච්චි කළ වාහන ගෙන්වනවා නම් ඒවා අවුරුදු කීයකට ද අපි සීමා කරන්නේ, ඒ නිසා කොච්චර ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා ද ?, අපේ රටේ තියෙන මහාමාර්ග පද්ධතිය ඒවාට ඔරොත්තු දෙනවා ද? දැනට තියෙන වාහනවලින් අපිට කොතෙක් දුරට ප්‍රයෝජන ගතහැකිද ? දැනට නිෂ්ක්‍රීයව තියෙන අවස්ථාවන් සක්‍රීය කරන්නේ කොහොමද කියන එක ගැන ඉතා හොඳ සොයාබැලීමක් කරනවා."

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මහ බැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණය මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා ඇති බවයි.

රටටම සුබ පණිවිඩයක් - ලබන 24 වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දන්නව ද?.

රටටම සුබ පණිවිඩයක් - ලබන 24 වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දන්නව ද?.

මේ අතර, සහල් ආනයනය සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බව ඒ මහතා පැවසීය.

ඒ අනුව සංචාරක හෝටල්වල අවශ්‍යතාවය සඳහා පමණක් මෙරට නිෂ්පාදනය නොකරන බාස්මතී සහල් එම අවශ්‍ය ප්‍රමාණයට ආනයනයට අවස්ථාව ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අලුත් අවුරුද්ද අවසන් වෙන්නත් මත්තෙන් ඩොලරයට මොකද වුණේ දන්නව ද?. (PHOTO)

අලුත් අවුරුද්ද අවසන් වෙන්නත් මත්තෙන් ඩොලරයට මොකද වුණේ දන්නව ද?. (PHOTO)


සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට නඟන චෝදනාවලට අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය පෙබරවාරි මාසයේ දී සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතු වූ අවස්ථාවේ පමණක් සහල් ආනයනය කිරීමට රජය අවස්ථාවක් ලබාදුන් බවයි.