එළවළු මිල අඩුවෙයි
Sri Lanka Food Crisis
Economy of Sri Lanka
Vegetables
Vegetables Price
By Sewvandhi
වෙළදුන් සදහන් කරන්නේ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මේ දිනවල මධ්‍යස්ථ මට්ටමක පවතින බවයි.
දිවයිනේ එළවළු අවශ්‍යතාවෙන් සියයට හැත්තෑවක් පමණ සපුරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වන අතර රට පුරා එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය පසුබිමක මෙවැනි තත්ත්වයක් වාර්තා වීම සුවිශේෂ කාරණයකි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසන්නේ, ඉල්ලුම සැපයුම අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු අලෙවි වුව ද එළවළු මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට නොලැබීම පිළිබඳ කනගාටුවට පත්වන බවයි.
සිල්ලර වෙළෙන්දන්ගේ අලෙවිය පිළිබඳ තොග ව්‍යාපාරිකයන්ට වගකීමක් දැරීමට නොහැකි වීම ඊට හේතුව බව ඔවුහු අවධාරණය කරති.