අද එළවළු මිල ගණන් වල වෙනස්ම අගයක් වර්තා වෙයි..නව මිල ගණන් ලැයිස්තුව මෙන්න..

Businessman Vegetables Vegetables Price Vegetable Price Today
By Aruna Apr 21, 2024 05:56 AM GMT
Report

පසුගිය දිනවලට සාපේක්ෂව අද(21) දිනයේ එළවළු මිල තරමක් පහළ අගයක් වාර්තා වනවා.

ඒ අනුව, අප වාර්තාකරු සඳහන් කළේ, නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන්වල යම් යම් වෙනස්කම් කිහිපයක් දැකගත හැකි වූ බවයි.

එම මධ්‍යස්ථානයේ ගෝවා ගැණුම් මිල රුපියල් 120ක් ලෙස සටහන් වූ අතර, විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 140ක් ලෙසයි.

එමෙන් ම කැරට් ගැණුම් මිල රුපියල් 170ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 190ක් ලෙසත් සටහන් ව ඇත.

එමෙන්ම වැඩිදුරටත් වාර්තා වන්නේ, ලීක්ස්වල විකුණුම් මිල රුපියල් 145ක් ලෙසින් සහ රාබු මිල රුපියල් 60ක් ලෙස සටහන් වූ බවයි.

මීට අදාල එම මිල ගණන් ලැයිස්තුව පහතින්.

Gallery