වහාම ක්‍රියාත්මක පරිදි වනිදුට තරග තහනමක්..!ICC යෙන් විශේෂ නිවේදනයක්..

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga International Cricket Council
By Sewvandhi Feb 24, 2024 02:43 PM GMT
Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින්, ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග ට තරග තහනමක් පවනවා තිබේ.

ඒ අනුව,අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම කඩ කළ බව පවසන එම කවුන්සිලය වනිඳු හසරංගට තරග 02ක තහනමක් පැනවූ බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එමෙන්ම ඔහුට තරග ගාස්තුවෙන් 50%ක දඩයක්ද නියම කර තිබෙනවා.එමෙන් ම වනිඳුට දඩුවම් ලකුණක් එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ බව ඊයේ (23) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවට ද තොරතුරු වාර්තා වේ. ඒ අනුව බංග්ලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙකක් අහිමි වනු ඇති.

ලබන මස 04 වනදා ආරම්භ වන මෙම තරගාවලියට තරග තුනක් ඇතුළත් කර තිබේ. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තෙවන තරගයේ දී විනිසුරු ලින්ඩන් හැනිබල්ගේ තීරණය සම්බන්ධයෙන් වනිඳු හසරංග සිය විරෝධය ප්‍රසිද්ධියේ පළ කළා.

පිටියේ දී විනිසුරුවරයා සමඟ උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ දී ද වනිඳු හසරංග විසින් විනිසුරුවරයාගේ තීරණය ප්‍රසිද්ධියේ විවේචනය කළේ ය.

එහි දී ඔහු ප්‍රකාශ කර සිටියේ, ලින්ඩන් හැනිබල් මෙවැනි තීරණ ලබා දෙන්නේ නම් විනිසුරු වෘත්තිය අතහැර වෙනත් රැකියාවක් සොයාගත යුතුය යන්නයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් තරග තීරකවරයාට (ක්‍රිස් බ්‍රෝඩ්) පැමිණිල්ලක් ද සිදු කරනු ලැබුවා.