සිගරට් වර්ගයක් ගැන එකවරම කළ දැනුම්දීමක් මෙන්න - මේ ගැනත් දැනුවත් ද?.
සෞඛ්‍ය අංශ වෙතින් දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ විවිධ පළතුරු සුවඳ වහනය වන පරිදි නිපදවා ඇති ඉලෙක්ට්‍රික් දුම්වැටි හෙවත් ඊ සිගරට් භාවිතය සඳහා පාසල් ළමයින් වැඩි වශයෙන් හුරුවී ඇති බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන මෙන් ය.
එමෙන්ම, අන්තරායක ඖෂධ පාලන ජාතික මණ්ඩලය සඳහන් කළේ, ඊ සිගරට් තුළ නිකොටින් නමැති ඇබ්බැහිකාරකය ඇති බැවින් පාසල් දරුවන්ට අලෙවි කිරීම සපුරා තහනම් බව ය.
මෙය ඔන්ලයින් ක්‍රමය හරහා සහ විවිධ ක්‍රම මගින් පාසල් දරුවන්ට අලෙවි කිරිමට කටයුතු කරනු ලබන බව සඳහන් වේ.
ඒ හරහා ඔවුන්ගේ පෙනහළුවල සිට මොළය දක්වා සෛල විනාශ වී විකෘතිතාවයන්ට පත්විය හැකිය.
එවැනි පසුබිමක රුපියල් ලක්ෂ 30ක වටිනාකමකින් යුත් ඉලෙක්ට්‍රික් දුම්වැටි තොගයක් සමඟ පෑලියගොඩ ප්‍රදේශයෙදී පුද්ගලයෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී ස්මාර්ට් වොච් ආකාරයට සකස් කළ ඉලෙක්ට්‍රික් දුම්වැටි කිහිපයක් ද සොයාගෙන ඇත.
ඒ බව සුරාබදු නිලධාරීන් සඳහන් කළේ ය.
මෙම ජාවාරම කලක පටන් සැකකරු Online මාර්ගයෙන් සිදුකර ඇති අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත්තේ ඉලෙක්ට්‍රික් දුම්වැටි වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ පාසල් ළමයින් සහ තරුණ තරුණියන් අතර බවය.
කෙසේ වෙතත්, මෙම එක් ඉලෙක්ට්‍රික් දුම්වැටියක දුම්වාර 50,000ක් 60,000ක් අතර ප්‍රමාණයක් අන්තර්ගත වන බව සුරාබදු නිලධාරීන් සඳහන් කළේ ය.