උසේන් බෝල්ට් ඉරිදා ලීග් පාපන්දු තරගයකට
Football
Usain Bolt
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
ලොව වේගවත්ම මිනිසා ලෙස ප්‍රකට ජැමෙයිකානු හිටපු ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් ඉරිදා ලීග් පාපන්දු තරගයකට සහභාගී වීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව, මැන්චෙස්ටර් ප්‍රදේශයේ Wythenshawe FC Veterans කණ්ඩායම නියෝජනය කරමින් බෝල්ට් තරග කිරීමට නියමිතය.
මෙම කණ්ඩායමේ හිටපු ප්‍රිමියර් ලීග් තරු කිහිපදෙනෙකුද ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ඒ අතර Emile Heskey, Antonio Valencia, Joleon Lescott, Danny Drinkwater සහ Marc Albrighton වැනි හිටපු ප්‍රිමියර් ලීග් ක්‍රීඩකයෝ සිටිති.
පාපන්දු ක්‍රීඩාව කෙරෙහි දිගු කලක සිට දැඩි උනන්දුවක් දැක්වූ බෝල්ට්, මලල ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට පිවිසීමටද උත්සාහ කළේය.
ඔහුගේ අසාමාන්‍ය වේගවත් ධාවන හැකියාව හේතුවෙන් මෙවර පාපන්දු තරගයට බෝල්ට්ගේ සහභාගීත්වය පිළිබඳව ක්‍රීඩා ලෝලීන් අතර දැඩි අවධානයක් යොමුව තිබේ.