පරිස්සමෙන් ජීව්තයේ එක් වරක් හෝ වැළදෙන මුත්‍රා ආසාදනයේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවද? දැන්ම දැනගන්න.

World Health Organization World Health Day Ministry of Health Sri Lanka National Health Service Office of Public Health
By Sithumini Oct 12, 2024 06:06 PM GMT
Report

මූත්‍රා මාර්ගය ආශ්‍රිතව ඔබට තිබෙන පහත රෝග ලක්ෂණ තිබෙනවනම් ඔබත් මේ ගැන සැලකිලිමත් වුය යුතුමයි. මූත්‍රා ආසාදන මගින් ඔබටත් අහිතකර දේ සිදුවෙන්න පුලුවන්.

  1. මාර්ගයේ වේදනාවක් මතූ වීම
  2. මුත්‍රා මාර්ගයේ ඉදිමුමක් හට ගැනීම
  3. මුත්‍රා කරන විට කැසීමක් ඇති වීම 
  4. වේදනාව හා දැවිල්ල මුත්‍රා පිට කරන විට දැවිල්ලක් හටගැනීම

  • වේදනාව හා දැවිල්ල

ඔබට මුත්‍රා ආසාදනයක් ඇත්නම් ඔබට මුත්‍රා පිට කිරීමේදී අපහසුවක් , වේදනාවක් හෝ දැවිල්ලක් ඇතිවීමේ විශාල ඉඩකඩක් තිබෙනවා මුත්‍රා කුඩා ප්‍රමාණයක් පිටවීම ඔබට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇතිවීමෙන් පසුව ඔබ මුත්‍රා කිරීමට උත්සාහ කළ ද ඔබට මුත්‍රා ආසාදනයක් තිබෙනවා නම් පිටවන්නේ කුඩා මුත්‍රා ප්‍රමාණයක් පමණයි.

  • අධික දුර්ගන්ධය

ඔබට එහි අධික දුර්ගන්ධයක් දැනෙනවානම් සාමාන්‍ය දුර්ගන්ධයට වඩා වෙනස් දුර්ගන්ධයක්.. එය කැලකිය යුතු කාරණාවක්.

  • උදරයේ පහළ හෝ පිටුපස වේදනාව

මුත්‍රා ආසාදන වල ප්‍රධාන රෝග ලක්ෂණය ලෙස මෙම ලක්ෂණය හැඳින්වෙනවා මුලදී එය වරින් වර දැනීම සිදු වුණත් දින කිහිපයකින් පසුව එය නිරන්තර නියුණු වේදනාවක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්.

  • මුත්‍රාවල පැහැය සහ ස්වභාවය

ඔබ මුත්‍රා පිටකිරීමේ දී එය වළාකුළු සහිත ස්වභාවයක්, තද පැහැයක් ගන්නවා හෝ රුධිරය සමග පිට වෙනවා නම් එයද ඔබ සැලකිලිමත් විය යුතූ කාරණාවක්. සාමාන්‍යයෙන් මුත්‍රා තද කහ පැහැයක් ගන්නේ ඔබ පුමාණවත් තරම් වතූර පානය නොකළ විටයි.

නමුත් මුත්‍රා ආසාදනයකදී පවා ඒ ආකාරයට මුත්‍රාවල පැහැය වෙනස් වීමේ හැකියාව නියෙනවා. මෙය මුත්‍රා ආසාදනයක දී ඇතිවන එක් කරදරකාරී රෝග ලක්ෂණයක්.එහිදී ඔබට නිතර නිතර මුත්‍රා කිරීමට පෙළඹීම සහ අධික ලෙස මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. 

නමුත් ඇතැම් අවස්ථාවල ඔබට එසේ මුත්‍රා අවශ්‍යතාවය ඇති වුණත් මුත්‍රා පිටවන්නේ නැහැ

මුත්‍රා ආසාදන වළක්වා ගැනීමට අපට පහත දෑ අනුගමනය කළ හැක.

හොඳින් වතූර පානය කිරීම.

තෙල් සහිත ආහාරපාන වලින් වැලකී සිටීම. 

ලිංගික අවයව පිරිසිදුව තබා ගැනීම

දැඩි සුවඳක් සහිත පිරිසිදු කිරීමේ නිෂ්පාදන භාවිතා කිරීමෙන් වැළකීම. 

උපත් පාලන ක්‍රම පිළිබඳව සැලකිලිමත් වීම

මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වූ විටදී සම්පූර්ණයෙන්ම මුත්‍රාශය හිස් වන තූරු මුත්‍රා පිට කිරීම