ගොවීන්ට නොමිලේ යූරියා පොහොර ලබාදෙයි..ඇමතිගෙන් දැනුම්දීමක්..
Mahinda Amaraweera
Sri Lanka Politician
Ministry of Agriculture
Economy of Sri Lanka
By Aruna
තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමේ වැඩසටහන මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ, හෙක්ටයාර භාගයට වඩා අඩු ගොවීන්ට මෙලෙස යූරියා පොහොර මිටිය බැගින් හිමිවන බවයි.
මේ වනවිට අදාළ වැඩසටහන දිස්ත්‍රික්ක 07ක් පුරා ක්‍රියාත්මක කර තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් ලබාදීමේ වැඩසටහනද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |