විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Department of Examinations Sri Lanka
By Sewvandhi Dec 08, 2022 02:08 AM GMT
Report

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, තිස්සේ විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් ලියා පදිංචි කිරීම ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බවයි. 

එනම්, කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සති දෙකක කාලයක් තුළ එම ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු පුරප්පාඩු පවතින්නේ නම් පුරප්පාඩු පවතින පාඨමාලා සඳහා අභියාචනා සලකා ලැබීමට කටයුතු කරන බව සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන් සඳහා කඩඉම් ලකුණු පසුගිය 02 වන දින නිකුත් කරනු ලැබීය.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබු පාඨමාලා පිළිබඳව සිසුන් මේ වන විටත් දැනුවත් කර ඇති අතර ඒ අනුව අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු ලබන ජනවාරි මාසයේ සිට ක්‍රමානුකූලව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු කඩිනමින් සිදුකරන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now