කන්දකින් ඇද වැටී සරසවි සිසුවියක් ජිවිතක්ෂයට

University of Peradeniya Sri Lanka Accident
By Sewvandhi Aug 21, 2022 09:27 AM GMT
Report

මාවනැල්ල උතුවන්කන්දෙන් ඇද වැටී සරසවි සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පර්යේෂණයක් සඳහා පැමිණ සිටි කණ්ඩායමක් අතර සිටි පේරාදෙණිය සරසවි සිසුවියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලීසිය පැවසුවේ, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සිසුවියක් මෙලෙස මියගොස් ඇති බවයි.

ඇය තවත් විශ්වවිද්‍යාල සිසුන් 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ ගවේෂණ චාරිකාවක් සඳහා උතුවන්කන්ද ප්‍රදේශයට පැමිණ ඇති අතර, පස්වරුවේ ලිස්සා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මෘත ශරීරය මේ වන විට මාවනැල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW