මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාලයක් හදිසියේම වැසෙයි.. (PHOTO)

University of Peradeniya Sri Lanka
By krishani Jun 18, 2022 04:34 AM GMT
Report

රට තුළ පවතින අසීරුතා තත්ත්වය මත පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන වැඩසටහන් සහ විභාග තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇති අතර නේවාසිකාගාර ද මේ යටතේ වසා දැමෙනු ලබයි.

මේ නිසා නේවාසිකාගාරවල රැඳී සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වහාම නේවාසිකාගාරවලින් පිටත්ව නිවෙස් බලා යන ලෙසයි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම් ඩී ළමාවංශ උපදෙස් ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery