පුතුට සහාය වූ පියා මියයයි. - අවුරුදු උළෙලේ සිදු වූ අවාසනාවන්ත මරණය.

Sri Lanka Police Sinhala and Tamil New Year Death
By Wayomi Apr 16, 2024 04:15 AM GMT
Report

පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකදී සිදුවූ අවාසනාවන්ත මරණයක් පිළිබඳව පුවතක් වාර්තා වෙනවා.

ඒ, මෙම අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ තරගය සඳහා සහභාගී වූ පුතු දිරිමත් කිරීමට එක්වූ පියෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.

සිය 16 හැවිරිදි වියේ පසුවන පුතු ගම හරහා දිවීමේ තරගයට සහභාගී වන බැවින් ඔහුගේ ආරක්ෂාවට සහ සහාය වීම පිණිස පියාද ඔහු සමඟ ගොස් ඇත.

එහිදී එක්වරම 60 හැවිරිදි වියේ පසුවූ පියා ක්ලාන්ත වී ඇදවැටීමෙන් අනතුරුව පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.  

.........................................

May you Like