තියුණු තරඟයකින් පසු 19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානයේ ජයග්‍රහණය තීරණය වෙයි.. (PHOTOS)

Cricket Bangladesh Bangladesh Cricket Team Latest Headlines
By krishani Dec 17, 2023 12:35 PM GMT
Report

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කුසලානය දිනාගැනීමට බංග්ලාදේශ යෞවන කණ්ඩායම සමත් විය.

තියුණු තරඟයකින් පසු 19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානයේ ජයග්‍රහණය තීරණය වෙයි.. (PHOTOS) | Under 19 Asia Cup To Bangladesh

ඒ අවසන් තරගයේ දී UAE කණ්ඩායම පරාජයට පත් කරමින් ය.

එහිදී ලකුණු 195ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවකින් පරාජය කරමින් බංග්ලාදේශ යෞවන කණ්ඩායම කුසලානය දිනා ගනු ලැබීය.

තියුණු තරඟයකින් පසු 19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානයේ ජයග්‍රහණය තීරණය වෙයි.. (PHOTOS) | Under 19 Asia Cup To Bangladesh

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යෞවන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 282ක් රැස්කර ගත්තේ ය.

එහිදී Ashiqur Rahman Shibli පන්දු 149ක දී හයේ පහරක් සහ හතරේ පහර 12ක් සමග ලකුණු 129ක් රැස්කර ගනු ලැබීය.

පන්දු යැවීමේ දී UAE කණ්ඩායම වෙනුවෙන් Ayman Ahamed ලකුණු 52කට කඩුලු 2ක් දවා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ UAE කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 87ක් පමණක් ය.

මෙරට ක්‍රිකට් ගැන ඇහෙන අලුත්ම ආරංචිය - නව නායකයින් තිදෙනෙක් පත් කරයි.. ඒ කවුද දන්නවා ද?.

මෙරට ක්‍රිකට් ගැන ඇහෙන අලුත්ම ආරංචිය - නව නායකයින් තිදෙනෙක් පත් කරයි.. ඒ කවුද දන්නවා ද?.


කෙසේ වෙතත්, Rohanat Doullah Borson සහ Maruf Mridha කඩුලු 3 බැගින් දවා ගත් අතර Sheikh Paevez Jibon සහ Iqbal Hossain Emon කඩුලු 2 බැගින් දවාගනු ලැබීය.

GalleryGallery