ඉරාන ජනපති සහ ශ්‍රී ලංකා ජනපති අතින් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ. - (VIDEO)

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka Iran
By Wayomi Apr 24, 2024 07:53 AM GMT
Report

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගේ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කළා.

අද (24) උදෑසන ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුව පිළිගනු ලැබුවා.

2011 වසරේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ, ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මතයි.

ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන එම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්තය.

පුහුල්පොල ජලාශයේ සිට භූගත නල මාර්ග ඔස්සේ කිලෝමීටර් 4ක දුරක් ඩයරබා ජලාශය වෙත ජලය රැගෙන යන අතර පසුව ඩයරබා ජලාශයේ සිට එම ජලය කිලෝමීටර් 15.5ක දිගකින් යුත් භූගත මාර්ගයක් හරහා පවර්හවුස් බලාගාරය වෙත රැගෙනු ලබයි.

මෙරට ජාතික විදුලි පද්ධතියට එමගින් එක් කිරීමට නියමිත විදුලි ධාරිතාව මෙගාවොට් 120ක් වන අතර එම ව්‍යාපෘතිය හරහා බණ්ඩාරවෙල, බදුල්ල සහ මොනරාගල යන ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සහ බදුල්ල සහ මොණරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ජලය සැපයීම ද සිදු කෙරෙනවා.

එම ව්‍යාපෘතිය සඳහා වැයවූ සමස්ත මුදල ඩොලර් මිලියන 514ක් වන අතර ව්‍යාපෘතිය ආරම්භ කළ කාලසීමාව තුළදී ඉන් ඩොලර් මිලියන 450ක මුදලක් ඉරාන රජයෙන් මෙටට ලබාදීමට එකඟවී තිබුනා.

නමුත් ඉරාන රජය ඩොලර් මිලියන 50ක මුදලක් එහිදී ලබාදීමෙන් පසුව ඇතිවූ සම්බාධක ගැටලු හේතුවෙන් ආදාළ සම්පූර්ණ මුදල් මෙරට රජය වෙත ලබාදීමට ඉරාන රජයට නොහැකි වූ අතර පසුව එම ව්‍යාපෘතියේ පිරිවැය දරමින් එය මේ දක්වා ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා රජය හරහායි.

2015 වසරේදී එම බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ අතර පැනනැගුණු දේශාපාලන, ආර්ථික සහ සාමාජීය ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුවිය.