එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැසියාව ගැන දැඩි තීරණයකට එළඹෙයි..!

war Russian International Ukrain
By Sewvandhi 3 years ago
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයෙන් රුසියාව නෙරපා හැරීමට තීරණයක් ගෙන තිබෙනවා. ඒ වෙනුවන් වූ ඡන්දය විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 93ක් ලැබුණු අතර රටවල් 24ක් විරුද්ධව ඡන්දය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවත් රටවල් 58ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. මේ අනුව රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංවිධානයක සාමාජිකත්වය අහෝසි කළ පළමු ස්ථිර සාමාජික රට ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ.

යුක්රේනයේ පවතින මානුෂීය අර්බුදය, විශේෂයෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ රුසියානු සමූහාණ්ඩුව විසින් ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් මෙම යෝජනාව මගින් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව අත්හිටුවීම, සම්බන්ධ ඡන්ද ගණනය කිරීමේදී අවශ්‍ය තුනෙන් දෙකක බහුතරයක් ලබා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මීට පෙර ලිබියාවේ එවක නායක මුවම්මර් ගඩාෆිට පක්ෂපාතී හමුදාවන් විසින් විරෝධතාකරුවන්ට එරෙහිව ගෙන ගිය  ප්‍රචණ්ඩත්වය හේතුවෙන් 2011 වසරේදී දී ලිබියාව මානව හිමිකම් කවුන්සිලයෙන් අත්හිටුවනු ලැබුවා.

සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මහා සභාව විසින් සම්මත කරන ලද යෝජනාව, මගින් "යුක්රේනයේ පවතින මානව හිමිකම් සහ මානුෂීය අර්බුදය පිලිබඳව, විශේෂයෙන්ම රුසියාව විසින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම යෝජනාවට ඡන්දය දීම හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීම ද්විපාර්ශ්වික සබඳතාවලදී ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවට රුසියාව සාමාජික රටවලට අනතුරු අඟවා තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now