යුක්‍රේන යුධ ආධාර පැකේජයට ඇමෙරිකාවේ අනුමැතිය...

Russo-Ukrainian War Ukraine World
By Gagana Apr 21, 2024 07:46 AM GMT
Gagana

Gagana

in ලෝකය
Report

යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 61ක ණය ආධාර මුදලක් ලබාදීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙනවා.

ජනාධිපති ජෝ බයිඩන්ගේ එම යෝජනාව, රිපබ්ලිකන් පක්ෂයේ විරෝධය හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ ප්‍රමාද වී ඇති අතර, යුක්‍රේනය වෙත රුසියානු ප්‍රහාර ප්‍රබල වීම හමුවේ සිදු කෙරුණු දැඩි ඉල්ලීම මත අදාළ පැකේජය සම්මත කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබූ බව ද වාර්තා වෙයි.

අමෙරිකාවේ එම තීරණය සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි සිය කෘතඥතාව පළකර තිබේ.

මෙම පැකේජය මගින් ඇමෙරිකාව පොහොසත් කරන අතර යුක්‍රේනය තවදුරටත් විනාශ වෙනු ඇති බව,ඒ සම්බන්ධයෙන් අදහස් පළකරන ක්‍රෙමිලිනයේ ප්‍රකාශක, දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කළේ ය.