නාදුනන මළ සිරුරු දෙකක් සොයාගැනේ

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 01, 2023 08:27 AM GMT
Report

පොලීසිය නිවේදනය කළේ, අභිරහස් ලෙස මියගිය දෙදෙනෙකුගේ සිරුරු ප්‍රදේශ දෙකකින් හමුවූ බවයි.

ඊයේ (31) සවස පොලීසිය පැවසුවේ රත්නපුර, සූරියකන්ද ප්‍රදේශයේ කපුකන්ද ප්‍රජා ශාලාව අසල කැලෑබද ප්‍රදේශයක තිබී ඉන් එක් සිරුරක් හමුවූ බවය.

මියගිය පුද්ගලයා 36 හැවිරිදි කොලොන්න ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහුගේ මරණය සිදුවූයේ කෙසේද යන්න මෙතෙක් හෙළිවී නැත.

මේ අතර ගාල්ල කොටුව මුහුදු තීරයේ තිබී නාඳුනන කාන්තාවකගේ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පැවසීය. එම කාන්තාව වයස අවුරුදු 35-40ත් අතර වෙතැයි අනුමාන කෙරේ. සිරුර මේ වනවිට කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now