කාන්තා මළ සිරුරක් සොයා ගැනේ

Sri Lanka Police Anuradhapura Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jun 09, 2023 01:33 PM GMT
Report

ඊයේ(08) අනුරාධපුර – කොහොඹගස් හන්දිය අසල හාල්පානු ඇලේ තිබී  කාන්තා මල සිරුරක් හමුවී තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෘත ශරීරයේ උදරය හා මුහුණත ප්‍රදේශය ඉදිමීමෙන් හඳුනාගත් නොහැකි තත්ත්වයේ ඇති අතර දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.