විරෝධතාවයේ නිරත වුණ කාන්තාවන් අසළටම ගිය ජනපති කවුරුත් නොහිතපු උත්තරයක් එවලෙම දීලා..(PHOTOS)

Ranil Wickremesinghe President of Sri lanka Presidential Update Latest Headlines Decision Making
By krishani May 26, 2024 11:26 AM GMT
Report

පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු පුදුකුඩිඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබෙනවා.

විරෝධතාවයේ නිරත වුණ කාන්තාවන් අසළටම ගිය ජනපති කවුරුත් නොහිතපු උත්තරයක් එවලෙම දීලා..(PHOTOS) | Two Young Women Protest At Pudukudiiruppu

ඒ තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව සඳහන් කරමින් ය.

අද (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිනන්කක්ර ඔප්පු ලබාදීමේ උත්සවයට සහභාගී වීම සඳහා එහි පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ මෙම කාන්තාවන් මෙලෙස විරෝධතාවයේ නිරතව ඇති අතර මේ පිළිබඳ සොයාබැලීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය මෙම කාන්තාවන් දෙදෙනා සිටි ස්ථානය වෙත ගොස් ඔවුන්ගේ ගැටළුව කුමක්දැයි විමසා තිබෙනවා.

එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ සිය ගැටළුව ජනාධිපතිවරයා වෙතට ඉදිරිපත් කළ යුතු බවය.

ඉන් අනතුරුව මේ බව උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය දැනුම්දීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විරෝධතාව පැවති ස්ථානයට ගොස් ඇත.

විරෝධතාවයේ නිරත වුණ කාන්තාවන් අසළටම ගිය ජනපති කවුරුත් නොහිතපු උත්තරයක් එවලෙම දීලා..(PHOTOS) | Two Young Women Protest At Pudukudiiruppu

පසුව ඒ මහතා ඔවුන්ගේ ගැටළුවට සවන් දීමට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මෙහිදී එම කාන්තාවන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙන්නේ තමන් ඇතුළු කේප්පාපිලවු ග්‍රාමයේ පදිංචි පවුල් 56ක් ඉඩම් ගැටළුවක් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින බවයි.

ඒ බැවින් එය කඩිනමින් විසඳීමට කටයුතු කර දෙන ලෙසට ඔවුන් ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.

මීට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ අදාළ ගැටළුව පිළිබඳ සොයාබලා කඩිනමින් විසඳීමට වගකිව යුතු අංශ දැනුවත් කරන බවය.

විරෝධතාවයේ නිරත වුණ කාන්තාවන් අසළටම ගිය ජනපති කවුරුත් නොහිතපු උත්තරයක් එවලෙම දීලා..(PHOTOS) | Two Young Women Protest At Pudukudiiruppu

එසේම උතුරු පළාත තුළ රජය සතුව පවතින ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත්, තවදුරටත් විසඳීමට තිබෙන ඉඩම් ගැටළු කඩිනමින් විසඳීම තම අපේක්ෂාව බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ගැටළුවට සවන් දී විසඳුම් ලබාදීම සඳහා තමන් වෙත පැමිණීම පිළිබඳ විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් ජනාධිපතිවරයා වෙත සිය සතුට පළ කළ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.