නිවුන් දියණියන් දෙදෙනෙකු අත්අඩංගුවට..!

CID - Sri Lanka Police Sri Lanka Police Vavuniya Sri Lanka Police Investigation
By Sewvandhi Dec 22, 2023 04:17 PM GMT
Report

වව්නියාව ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු බවට සැකපිට මවක් සහ නිවුන් දියණියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, වව්නියාව පොලිසියට ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය මිලදි ගැනීමට පැමිණ සිටි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම් වලදි අණාවරණ වු තොරතුරු අනුව මත්කුඩු බෙදාහැරීමේ නිරත වු තරුණියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

නිවුන් දියණියන් දෙදෙනෙකු අත්අඩංගුවට..! | Two Twin Daughters Arrested

ඔවුන් එකම පවුලේ නිවුන් සහෝදරියන් දෙදෙනෙකු බව හෙලිව ඇති අතර මෙම ජාවාරමේ ප්‍රධාන ජාවාරම්කාරිය වන ඔවුන්ගේ මවද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇය විසින් පවත්වාගෙන යන ටයර් වෙළෙදසැලකදියි. 24 පැය පුරා විවෘතව ඇති එම ටයර් වෙළෙදසැලේ සිට ඇය මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ.