ගුරුවරියක් ගුරුවරියක්ව කපයි..

Police spokesman Sri Lanka Police Badulla Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 19, 2024 02:19 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

බදුල්ල පොලිසිය පවසන්නේ, පිහියකින් කපා පාසැල් ගුරුවරියකට තුවාල සිදුකළේ යැයි සැකපිට තවත් පාසැල් ගරුවරියක් අද(19) අත්අඩංගුවට ගත් බවයි.

තුවාල ලැබූ 44 හැවිරිදි ගුරුවරිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ පාදයක සහ අතක කැපුම් තුවාල ඇති බව සඳහන්.අත්අඩංගුවට 45 හැවිරිදි ගත් සැකකාර ගුරුවරිය සන්තකයේ තිබී පිහියක්ද සොයාගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ, මෙම ගුරුවරියන් දෙදෙනා පාසැල් දෙකක රාජකාරි කරන මිතුරියන් බවත් දෙදෙනා අතර ඇතිවූ විරසික වීමක් නිසා සැකකාරිය ඩෙනිම් කලිසමකින් සැරසී අද අළුයම් කාලයේ ගුරුවරිය සොයා ඇගේ නිවසටම ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්වන බවත් ය.

එම නිවැසියන් විසින් සැකකාරිය අල්ලා පොලිස් හදිසි ඇමතුම් 119 වෙත දැනුම් දී පොලිසියට බාර දීමටයි කටයුතු කර ඇත්තේ.අනාවරණය වී තිබෙන්නේ, පෞද්ගලික ප්‍රශ්ණයක් මෙම අපරාධයට හේතුවී ඇති බවයි.

බදුල්ල පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.