පාසල් දෙකක සිසුවියන් දෙදෙනෙකුට විදුහල්පතිවරුන්ගෙන් අමානුෂික පහර දීම් - සිසුවියකගේ පියාටත් පා පහරක්..

Ministry of Education Nuwara Eliya Sri Lanka Crime
By Sithumi Sep 30, 2022 04:58 PM GMT
Report

ප්‍රදේශ දෙකක සිසුවියන් දෙදෙනෙක් පාසල් තුළදී අමානුෂික පහරකෑම්වලට ලක්වූ සිද්ධි අද (30) වාර්තා වී තිබුණි. චෝදනා එල්ල වන එක් විදුහල්පතිවරයෙකුට ස්ථාන මාරුවක් ද ලබාදී තිබේ.

නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියකට විදුහල්පතිවරයා කොසු මිටකින් පහරදී ඇතැයි වාර්තා වුණි.

ඉන් තුවාල ලැබු පාසල් සිසුවිය දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කෙරුණි. පහර කෑමට ලක්වූ පාසල් සිසුවිය සඳහන් කළේ, "ඉස්කෝලෙට සල්ලි ගේන්න කියලා තිබ්බා. මල්ලි බැන්නා. මං කිව්වා.. සර් බනින්න එපා.. මං සල්ලි ගෙනත් දෙන්නම් කියලා. ඒ පාර මට කොසුමිටෙන් ගැහුවා."

සිද්ධියට සම්බන්ධ විදුහල්පතිවරයා කලාප කාර්යාලය වෙත ස්ථාන මාරු කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළේය. මේ අතර බලංගොඩ ප්‍රදේශයේ පාසලක සිසුවියකට ද එම විදුහලේ විදුහල්පතිවරයා පහරදී ඇති බවට දැරියගේ පියා චෝදනා කරයි.

පහර කෑමට ලක්වූ පාසල් සිසුවියගේ පියා, "සර් දරුවට ගහලා.. දරුවා ගෙදර ආපුවාම හිස රිදෙනවා කිව්වා. මම ගියා අහන්න. අජිත් සර් මට පයින් පහරක් ගැහුවා. මට මේක ඇතුළේ ගහන්නත් පුළුවන්.. ඕන දෙයක් කරන්නත් පුළුවන් කිව්වා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now